සූදු පොළේ කෝටිය පන­ස්ද­හ­සට බැස්සූ

නීතිය හා සාමය ආරක්ෂා කිරී­මට කැප වී සිටින පොලිස් නිල­ධා­රි­න්ගෙන් අති­බ­හු­ත­රය මහ­ජ­න­යාගේ සුබ­සි­ද්ධිය වෙනු­වෙන් ද කැප වී සිටින බවක් පෙනේ. එහෙත් පොලිස් නිල­ධා­රි­න්ගෙන් සුළු­ත­ර­යක් නීති­යෙන් පිට පැන දූෂ­ණ­යට, වංචා­වට පම­ණක් නොව මිනී­මැ­රී­ම්ව­ල­ටද හවුල් වූ අවස්ථා සට­හන් වී තිබේ. එසේ නීති­යට පට­හැ­ණිව කට­යුතු කිරීම නිසා ගෙවී ගිය සතියේ හලා­වත කොට්ඨාස දූෂණ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රින් අට­දෙ­නෙ­කුගේ සේවය අත්හි­ටු­වී­මට සිදු විණි. සිද්ධිය සැල­වෙන්නෙ මෙලෙ­සය. පසු­ගිය හය වැනිදා ශ්‍රී ලංකාව සහ නව­සී­ල­න්තය අතර විස්සයි විස්ස ක්‍රිකට් තර­ග­යක් පැවැ­ත්වුණ දින­යයි. එදින හලා­වත, වෙන්න­ප්පුව, නයි­න­ම­ඩම පම­ණක් නොව පුත්ත­ලම, මීග­මුව වැනි මඳක් දුර බැහැර පෙදෙ­ස්වල වෙසෙන ප්‍රභූන්,…

තව කියවන්න

අල්ලස් හොරු ඇල්ලීම

වත්කම් හා බැර­කම් ප්‍රකා­ශන නීතිය යට‍තේ සුදුසු පරිදි නඩු පැව­රීමේ බලය ලත් ආය­ත­නය වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වයි. පසු­ගිය කාලයේ මේ ආය­ත­න­යට පැව­රුණේ සුළු-පටු රාජ­කාරි ගොන්නක් නොවේ. 2015දී බල­යට පත් ආණ්ඩු­වට ඇවැසි වූයේ අල්ලස හා දූෂ­ණ­යට විරු­ද්ධව සටන් කර­න්නය; නැති නම් අල්ලස් දූෂණ හා මංකො­ල්ල­කෑම් රටට හෙළි­ද­රවු කර­න්නය. එහෙත් එය ඉටු කළ යුතු වූයේ නීත්‍ය­නු­කූල දීර්ඝ ක්‍රියා­ව­ලි­යක් ඔස්සේ වූ බැවින් ඒ අපේක්ෂා කළ පරිදි මේ අර­මුණ කරා යා නොහැකි විය. ඒ අතර මෙය කරන්නා වූ ක්‍රම­වේ­දය කුමක්ද යන්න බොහෝ දෙනකු දැන සිටියේ නැති බැවින් ‘කෝ අල්ලපු හොරු…!‘…

තව කියවන්න

පැය 36 තුළ මිලියන 80ක් මරණයට පත්කල හැකි වෛරසයක්

ලෝකයේ මිලියන 80ක ජනතාවක් පැය 36ක් තුල මරණයට පත් කළ හැකි උණ වසංගතයක් යළි පැතිරිමේ අවධානමක් ඇති බව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවනු ලබනවා. “ස්පැනිෂ් ෆ්ලු” නමින් හැදින්වෙන මෙම වෛරසය මිට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වු අතර ඒ හේතුවෙන් මිලියන 50ක් මරුමුවට පත්විය. වර්ථමානයේ මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් ඇතිවුව හොත් එහි ප්‍රථිපලය භයානක වනු ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටින්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයින් පිරිසක් වන “ගෝලීය සුදානම අධීක්ෂණ මණ්ඩලය” විසින් ලෝක නායකයින්ව දැනුවත් කිරිම සදහා වන විශේෂ වාර්තාවක්…

තව කියවන්න

පරිසරය වනසන හෝටල්

ඇසෙන හා කියැවෙන කතා අනුව සංචාරක කර්මාන්තයද ප්‍රශ්න පිරුණු ක්ෂේත්‍රයකි. ඒ ප්‍රශ්න සේම ඒවාට කළයුතු පිළියම්ද මැනවින් දන්නෝ එහි නියුත්තෝය. නිල්මින් නානායක්කාර මහතා වසර 40 කට ආසන්න කාලයක් තිස්සේ එහි නියුතු වන්නෙකි. එන්. කාර් ට්‍රැවල්ස් ඇන්ඞ් ටුවර්ස් පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඒ මහතා අවුරුදු 39 ක් තිස්සේ විදෙස් සංචාරකයන් මෙරටට ගෙන්වන අතර මෙරට සංචාරකයන් විදෙස් රටවලට යවයි. සංචාරක අමාත්‍යංශයේ හිටපු උපදේශකයකු සේම සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු ද වන ඒ මහතා සංචාරක කර්මාන්තයේ පවතින ප්‍රශ්න සහ ඒවාට කළයුතු පිළියම් මෙසේ ගෙනහැර දක්වයි. ලංකාවේ සංචාරක කර්මාන්තය අද සිටින තැනින් ගොඩගැනීම…

තව කියවන්න

ජනතාව හෙම්බත්කරන රාජ්‍ය සේවයේ වෙනසක් ඕනෑ

රජයට සේවය කිරීම බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන කාලයේ ඇති කරන ලද රාමුවකි. තෝරාගත් නිලධාරී පැලැන්තියක් කාර්යාලවල රඳවන ලද අතර වැසියන් හා නිලධාරීන් අතර සෑහෙන පරතරයක් තිබුණි. විශාල අවකාශයක් ඇති කාමර, පිරිසුදු ඇඳුම්, පළඳින ටයි පටිය හා කතාකරන ඉංග්‍රීසි තද නිලධාරීවාදයක් ඇති කළේය. නිදහස ලැබීමෙන් පසු රජයේ සේවයේ වෙනස්කමක් සිදුවනු ඇතැයි ජනතාව උපකල්පනය කළහ. දශක හතකට පසුව පවා රාජ්‍ය සේවය තුළ පුළුල් වෙනස්කමක් සිදුවී නැත. ජනතාවගේ අවශ්‍යතා ඉටුකරනු සඳහා අද පවතින තාක්ෂණික පහසුකම් සෑහෙන ප්‍රයෝජනයට ගත හැකිය. මේසය මත සවිකරන පරිගණකය නිලධාරීවාදය තවත් ආඪ්‍ය කර ඇති අතර සාමාන්‍ය ජනතාව පීඩාවට පත්…

තව කියවන්න

රාවණා සමයේ ලංකාව ලෝක බලවතෙක්

කුත් ඉරිදා දිනයේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ආලින්දය ඉන්දියානු සංචාරකයන්ගෙන් පිරී පැවැතියේ ඒ කණ්ඩායම එම හෝටලයේ පැවැත්වෙන විවාහ මංගල උත්සවයකට සහභාගිවීමට පැමිණි නිසාද නැත්නම් ලංකාවේ සිරි නැරඹීමට පැමිණි නිසාදැයි පැහැදිලි නැත. අලංකාර ඇඳුමෙන් සැරසුණු යුවතියෝ ඔබමොබ හැසිරෙමින් සිටියහ. සහරාන්ගේ ප‍්‍රහාරය නිසා කොළඹ සෑම තරු හෝටලයකටම ඇතුළුවීමේදී ශරීර පරීක්‍ෂාවක් සිදුවන නිසා මුදල් පසුම්බිය හා ජංගම දුරකථන දොරටු ආරක්‍ෂක නිලධාරිනියට භාරදෙමින් මා පැවසුවේ ‘‘දැන් හෝටලයට එන එකත් එයාර් පෝර්ට් එකට ඇතුළු වෙනවා වගේ නේ’’ කියාය. එවිට එතැන සිටි තවත් ආරක්‍ෂක නිලධාරියෙක් ඉදිරි දොරටුව පෙන්වමින් ප‍්‍රකාශ කළේ මේ දොරෙන් නේ සහරාන්ගේ ගෝලයා ඇතුළට…

තව කියවන්න