එංගලන්තයට 35-03 ක පහසු ජයක්

මානු ටුයිලගායි වාර්තා කළ උත්සාහක දිනුම් දෙක නිසා කිසිම අපහසුවකින් තොරව ටොංගා පිල පරාජය කළ එංගලන්ත ක්‍රීඩකයෝ 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබාගත්හ. ජපානයේ සප්පරෝහිදී අද (22 වැනිදා) පැවැති මෙම තරගයේදී එංගලන්ත පිල ලකුණු 35 – 3 ක ජයක් ලබාගත්හ. එංගලන්ත පිල ගෝල දිනුම් 3 කින්, උත්සාහක දිනුමකින් සහ දඬුවම් පහ 3 කින් ලකුණු ලබාගත් අතර ටොංගා පිලට සාර්ථක කරගත හැකිවූයේ දඬුවම් පහරක් පමණි. සැමොවාහිදී උපත ලද ක්‍රීඩකයකු වන ටුයිලගායිගේ දස්කම් හේතුවෙන් තරගයේ පළමු අර්ධය නිමා වූයේ ලකුණු 18 – 03 ක් ලෙසින් එංගලන්තය ඉදිරියේ සිටිමිනි.

තව කියවන්න

කුවේට් පරාජය කළ ශ්‍රී ලංකාව පිට පිටම තෙවැනි ජයත් ලබයි

‘ටෙහෙරාන්’ නුවරදී දැන් පැවැත්වෙන 20 වැනි ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා තරගාවලියේදී පිට පිටම තෙවැනි ශ්‍රේණිගත තරගය ජය ගනිමින් ඊයේ (19) කුවේට් රාජ්‍යය පරාජයට පත් කළ ශ්‍රී ලංකාව අද (20) ඕමානයට එරෙහිව තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා තරග වදියි. වට 3-0කින්  (25/17 – 25/22 – 25/18) ඊයේ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කුවේට් පරාජය කළහ. එය ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සහභාගි වන අවසන් තරගය ද වේ. එහි විශේෂත්වය ශ්‍රී ලංකාවට මෙවර ආසියානු තරගාවලියේ දී ඕමානය මුණගැසෙන දෙවැනි අවස්ථාව වීමයි. පසුගිය බදාදා (18) පැවැති ශ්‍රේණිගත තරගයකදී ශ්‍රී ලංකාව වට 3-1කින් ඕමානය පරාජයට පත්…

තව කියවන්න

ක්‍රීඩා අරමුදලට ක්‍රිකට් වෙතින් මිලියන 25 ක්

ක්‍රීඩා අමාත්‍යංශයෙන් පාලනය වන ජාතික ක්‍රීඩා අරමුලට රුපියල් මිලියන 25 ක් හෙවත් රුපියල් ලක්‍ෂ 250 ක් ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කැමැත්ත පළකර ඇතැයි ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ. ශ්‍රී ලංකාවේ ධනවත්ම ක්‍රීඩා සංගමය වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමකට අනුව සෙසු ක්‍රීඩාව දියුණුවට යෙදවීමට මෙම මුදල් පරිත්‍යාග කරන බව වාර්තා වේ.

තව කියවන්න

ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගනයට ඇතුළු වීමට අවසර

පාපන්දු තරග නැරඹීම සඳහා ඉරාන කාන්තාවන්ට ක්‍රීඩාංගණයට පැමිණීමට අවසර දෙන ලෙස පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ එරට පාපන්දු සම්මේලනයට දැනුම්දී තිබේ. 1979 වසරේ ඇතිවු ඉස්ලාම් කැරැල්ලෙන් පසු මෙම තහනම ඉරාන කාන්තා ක්‍රීඩාලෝලීන්ට පැනවීය. ඉරාන ක්‍රීඩකයන් තරග වදින අවස්ථාවලදී එරට කාන්තාවන්ට තරග නැරඹීමට ක්‍රීඩාංගණ වෙත පැමිණීම 1979 වසරේදී තහනමක් කළේය. එම නිසා නිවේදනයක් නිකුත් කරමින් පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ සඳහන් කළේ ඉරාන කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි. ඉරානය ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරග 5කට තේරීපත්වී තිබේ. 2022 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලියට තේරී පත්වීම වෙනුවෙන් ඉරාන…

තව කියවන්න

ලංකාවට එරෙහි පාකිස්ථාන සංචිතයට ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් කැඳවයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වීමට නියමිත එක්දින තරගාවලියේ පාකිස්ථාන සංචිතය සඳහා ඉෆ්තිකර් අහමඩ් සහ මොහොමඩ් නවාස් යන ක්‍රීඩකයින් කැඳවා ඇත. පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සහ ප්‍රධාන තේරීම් නිළධාරියා වන මිස්බා උල්හක් විසින් මේ පිළිබඳ ප්‍රකාශයට පත්කර ඇති බවයි වාර්තා වන්නේ. රෝගාබාධ තත්වයන් හේතුවෙන් එම කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රිඩක ශහීන් ෂාහ් අෆ්රිඩි සහ හසන් අලී යන ක්‍රිඩකයින් මෙම සංචිතය සඳහා ඇතුළත් වන්නේ නැහැ. ශ්‍රි ලංකාව සහ පාකිස්ථාන කණ්ඩායම අතර එක්දින තරඟාවලියේ පළමු තරගය ලබන 27 වනදින කරච්චි නුවරදී ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්න

රග්බි ලෝක කුසලානයේ අයර්ලන්තය පෙරමුණේ

රග්බි ලෝක කුසලානයේ ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 27ට තුනක් ලෙස ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත්ව තිබේ. තරගාවලියේ “ඒ” කාණ්ඩය යටතේ ඔවුන් තරග වැදුනි. ඒ අනුව ලකුණු 24ක් ලබා ගනිමින් “ඒ” කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් විය. ලකුණු 20ක් ලබාගත් ජපාන කණ්ඩායම “ඒ” කාණ්ඩයේ දෙවනස්ථානයට පත්ව සිටියි.

තව කියවන්න