අල්ලස් හොරු ඇල්ලීම

වත්කම් හා බැර­කම් ප්‍රකා­ශන නීතිය යට‍තේ සුදුසු පරිදි නඩු පැව­රීමේ බලය ලත් ආය­ත­නය වන්නේ අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වයි. පසු­ගිය කාලයේ මේ ආය­ත­න­යට පැව­රුණේ සුළු-පටු රාජ­කාරි ගොන්නක් නොවේ. 2015දී බල­යට පත් ආණ්ඩු­වට ඇවැසි වූයේ අල්ලස හා දූෂ­ණ­යට විරු­ද්ධව සටන් කර­න්නය; නැති නම් අල්ලස් දූෂණ හා මංකො­ල්ල­කෑම් රටට හෙළි­ද­රවු කර­න්නය. එහෙත් එය ඉටු කළ යුතු වූයේ නීත්‍ය­නු­කූල දීර්ඝ ක්‍රියා­ව­ලි­යක් ඔස්සේ වූ බැවින් ඒ අපේක්ෂා කළ පරිදි මේ අර­මුණ කරා යා නොහැකි විය. ඒ අතර මෙය කරන්නා වූ ක්‍රම­වේ­දය කුමක්ද යන්න බොහෝ දෙනකු දැන සිටියේ නැති බැවින් ‘කෝ අල්ලපු හොරු…!‘ යනු­වෙන් ඇතැ­මෙක් අසන්න වූහ.

හොරුන් අල්ල­න්නද, අප­රා­ධ­ක­රු­වන්ට දඬු­වම් පමු­ණු­ව­න්නද රටක ශක්ති­මත් නීති පද්ධ­ති­යක් තිබිය යුතුය. 1994න් පසු අල්ලස් සම්බන්ධ නීති හෝ වත්කම් බැර­කම් නීති හෝ කාල­යට ගැළ­පෙන පරිදි සංශෝ­ධ­නය වූයේ නැත. මේ වන විට කාලය, හොර­කමේ ප්‍රමා­ණය, වටි­නා­කම වෙනස් වුවද මේ සම්බ­න්ධ­යෙන් හොරු ඇල්ලී­මට ඇති නීතිය වසර 25කටත් වඩා පැරැ­ණිය. බොහෝ දෙනකු අල්ලස නැති කර­න්නට කතා කළද එය ක්‍රියා­ත්මක කිරීමේ අඩු-පාඩු හෝ වෙනස් කළ යුතු තැන් කතා කළේ නැත. ඔස්ට්‍රේ­ලි­යාවේ වියානා නුව­රදී පැවැත්වූ දූෂණ විරෝධි පන­තට රට­වල් 180ක් සමඟ ශ්‍රී ලංකා­වද අත්සන් කළත්, මේ පන­තින් අපේක්ෂා කළ නිසි දූෂණ විරෝධි මාර්ග­යට ලංකාව ප්‍රවිෂ්ට වූයේ නැත. එහෙත් වර්ත­මා­නයේ එහි අධ්‍යක්ෂ ජන­රාල් වන ජනා­ධි­පති නීතිඥ සරත් ජය­මාන්න මහ­තාගේ පැමි­ණී­මෙන් පසු ඔහු සතු හසළ දැනු­මින් අපේ­ක්ෂිත සංව­ර්ධන ඉලක්ක කරා ගමන් කිරීමේ සූදා­න­ම­කට ප්‍රවිෂ්ට වන්නට අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභා­වට හැකි විය.

Related posts

Leave a Comment