පදවි දිය යුත්තේ සමාජයට යුතුකම් ඉටුකළ කෙනකුට

නායකත්වයක්‌ හෝ පදවි තානාන්තරයක්‌ ලබා දිය යුත්තේ සමාජයේ උන්නතිය සඳහා යුතුකම් වගකීම් ඉටුකළ පුද්ගලයකුට පමණක්‌ බව කථානායක කරු ජයසූරිය මහතා පැවසීය. අද රටේ පවතින සමාජ පිරිහීම දුටු විට එය වළක්‌වාලීම පිණිස රජයත් පොලිසියත් කටයුතු කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවන බවත් නිරන්තරයෙන් සංඝරත්නයේ ආශිර්වාදය සහ මඟපෙන්වීම අවශ්‍ය බවත් කථානායකවරයා කීවේය. හෙතෙම මේ බව කියා සිටියේ උඩරට අමරපුර මහා නිකායේ අභිනව අනුනායක ධුරයෙන් පිදුම් ලැබූ මහෝපාධ්‍යාය ශාස්‌ත්‍රපති පණ්‌ඩිත නියංගොඩ සමිද්ධිමංගල මහා ස්‌ථවිරයන් වහන්සේ වෙත සන්නස්‌පත්‍ර පිරිනැමීමේ උත්සව අවස්‌ථාවට සහභාගි වෙමිනි. එහිදී කථානායකවරයා මෙසේ ද පැවසීය. සමාජයේ අද ඇතිව තිබෙන පිරිහීම දුටුවිට විශාල වේදනාවක්‌…

තව කියවන්න

සංඥා බිඳ වැටී දුම්රිය අවුල් වෙයි මරදානේදී මගීහු නොසන්සුන් වෙති

කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා පද්ධතියේ සිදුවූ බිඳ වැටීමක්‌ හේතුවෙන් ඊයේ (20 දා) පෙරවරුවේ දුම්රිය මගීහු දැඩි අපහසුතාවට පත්වූහ. සංඥා බිඳවැටීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ සියලුම කාර්යාල හා මගී දුම්රිය ප්‍රමාද වූ අතර නොසන්සුන් වූ දුම්රිය මගීන් මරදාන දුම්රිය ස්‌ථානයේදී විරෝධතාව පළ කිරීම නිසා දුම්රිය ස්‌ථානාධිපති කාර්යාලය අසල ගැටුම්කාරී තත්ත්වයක්‌ ද ඇතිවිය. වැටුප් විෂමතා ගැටලු කිහිපයක්‌ මුල් කරගනිමින් දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අතරතුරදී සිදුවූ මේ සිදුවීම කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළත් දුම්රිය මගීහු එම චෝදනාව ප්‍රතික්‌ෂේප කර සිටියහ.…

තව කියවන්න

අතුරුදන්වූවන්ගේ පවුල්වලට රු. 6000ක අතුරු දීමනාවක්

එළැඹෙන නොවැම්බර් මාසයේ සිට අතුරුදන්වූවන්ගේ පවුල් සඳහා රුපියල් 6000ක අතුරු දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කරයි. වර්ෂ 2019 අයවැයට මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් යෝජනා කළ පරිදි අතුරුදන්වූවන්ගේ පවුල්වලට මාසික අතුරු දීමනාවක් ලෙස රුපියල් 6000 බැගින් ගෙවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙන අතර, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවයේ යෙදී සිටිය දී එසේ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද මේ දීමනාව ලබාගැනීමට හිමිකම් කිවහැකි බව මුදල් අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා සිටින අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් අත්විඳින සිත් කම්පනය හා දුක් වේදනාවලට අමතරව, ඔවුන්ගේ ආදරණීයයන් අතුරුදන්වීම නිසා බැරෑරුම් ආර්ථික පීඩාවන්ට ද එකී පවුල්…

තව කියවන්න

සාමනේර භික්‍ෂූන්ට පහරදීම යුනිසෙෆ් හෙළා දකී

කුඩා සාමණේර හිමියන් දෙනමකට පහර දීමේ සිද්ධිය යුනිසෙෆ් සංවිධානය විසින් හෙළා දකින බව එම සංවිධානය නිවේදනය කරයි. යුනිසෙෆ් සංවිධානය නිකුත් කළ නිවේදනයට අනුව, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සැප්තැම්බර් 20 දීන, ශ්‍රී ලාංකාව නිවසින් හා පවුලෙන් බැහැරව ජීවත් වන ළමා භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකු, වැරැද්දක් කරණලද යැයි කියමින් මෑතකදී දඩුවමක් ලෙස සිදු කළ අමානුෂික පහරදීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල තම කම්පනය හා කණගාටුව ප්‍රකශ කර සිටි. සමස්තයක් ලෙස සමාජය මෙම ප්‍රචණ්ඩ ක්‍රියාව හෙළා දැකීම අගය කරන බව ද එම සංවිධානය පවසයි. යුනිසෙෆ් සංවිධානය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සදහන් වේ.…

තව කියවන්න

පක්ෂය කඩන්නේ නැතුව ස්ථිරවම ජයග්‍රහණය කරා ගෙනියනවා

පක්ෂය ආරක්ෂා කරමින් ඉදිරි ජනාධිපතිවරණයට මුහුණ දෙන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අරලිය ගහ මන්දිරයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. ස්ථිරවම පක්ෂය බෙදීමකින් තොරව ජයග්‍රහණය කරා රැගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

තව කියවන්න

සිරගත කළත් ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම නවත්වන්න බෑ

ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී සිය ඡන්දය භාවිතා කර නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදි ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ පැවසීය. “2005 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකාවේ පුරවැසිකම නොමැතිව ගෝඨාභය මැතිතුමා ඡන්දය පාවිච්චි කළා කියලා ලේක්හවුස් පුවත්පත්වල මීට සති කිහිපයකට පෙර පුවතක් පළ වුණා.  ලේක්හවුස් කියන්නේ ආණ්ඩුවේ පචමෝල නිසා අපි ඒකට වැදගත්කමක් දුන්නේ නෑ.  නමුත් ඊයේ දිනයේ පොලිසිය විසින් බී වාරතාවක් මගින් මේ පිළිබඳ විර්මශනයක් කරගෙන යනවා කියලා උසාවියට කරුණු ඉදිරිපත්…

තව කියවන්න

නිකාබ්-බුර්කා සහ ෆුල්ෆෙස් හෙල්මට් තහනම ඉවතට

හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින් නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම පිළිබඳ නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි. තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වෙයි. අදාළ ලිපිය යොමු කරමින් විනය හා කල්ක්‍රියා නීතිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි.

තව කියවන්න